3 Idiots
අපි කාට කාටත් යාළුවෝ ඉන්නවා. යාළුවෝ නැතිව මේ ලෝකේ ඉන්න බැරි තරම්. ජීවිතේ ප්රීතිමත්, උණුසුම් මොහොතවල් වගේ ම කටුක, දුක්බර අවස්ථා බොහොමයක් යාළුවෝ එක්ක සම්බන්ධ යි. සමහර යාළුවෝ අපිට ජීවිතේ ඉහළට යන්න උදව් කරද්දි කබලෙන් ළිපට තල්ලු කරන ජාතියේ මිත්ර ප්රතිරූපකයොත් ඕන තරම්. ජීවිතේ ඉතා ම සංවේදී අවස්ථා බෙදාගන්න කල්යාණ මිත්රයෙක් ලැබෙන්නෙත් වාසනාවට. එහෙම වාසනාවන්තයෝ 3ක් ගැන කියවෙන විශිෂ්ට සිනමා නිර්මාණයක් තමයි "3 idiots".
"3 idiots" කියන්නේ ලෝකේ පුරා ම ජනප්රියත්වයට පත්වුණු film එකක්. කතාවේ plot එක නම් නොදන්න කෙනෙක් නැති තරම්. මේ ලිපිය කතාව ගැන නෙවෙයි, film එකේ විශේෂත්වය ගැන. ඒ නිසා film එක බලලා නැත්නම් ගෙදරට වෙලා ඉන්න ටිකේ බලන්න හොඳ recommendation එකක්.
තිරගත වෙන්න කලින් ඉඳලා ම විචාරකයෝ බොහොම ඉහළ මත දරපු චිත්රපටයක් වුණු "3 idiots" මුලින් ම තිරගත වෙන්නෙ 2009 අවුරුද්දේ. හිතුවා වගේ ම ඉන්දියානු රුපියල් බිලියන 4.6 ක Box Office වාර්තාවක් තියමින් චිත්රපටය තිරගත වෙනවා. තිරගත වුණු පළමු සතිය තුළ ඉහළ ම ආදායමක් ලබපු චිත්රපටය විදිහට කාලයක් වැජඹෙන "3 idiots" නැගෙනහිර ආසියාව තුළ වැඩි ම ජනප්රියත්වයට පත් Bollywood චිත්රපට අතලොස්සෙන් එකක්.
චිත්රපටයේ අධ්යක්ෂණය Rajkumar Hirani. නිෂ්පාදනය Vidhu Vinod Chopra. තිරපිටපත Rajkumar Hirani සමඟ Abhijat Joshi . කතාවට පාදක වෙන්නේ Chetan Bhagat ලියපු " Five Point Someone" නවකතාව. සංගීතය Sanjay Wandrekar, Atul Raninga, Shantanu Moitra. නළු නිළියො නම් ගොඩක් ජනප්රිය අය. විශේෂයෙන් ම නිෂ්පාදන සහාය ලබා දීපු Aamir Khan(Rancho), R. Madhavan(Farhan), Sharman Joshi(Raju), Kareena Kapoor(Pia), Boman Irani(virus), Omi Vaidya(Silencer) ඇතුළු තරු රැසක්.
"3 idiots" චිත්රපටයට ලැබුණු සම්මාන ගණනත් සුළුපටු නෑ. සම්මාන 47ක්. 2010 වසරේ Filmfare Awards හි හොඳම චිත්රපටය, හොඳම නළුවා (Aamir Khan), හොඳම සහාය නළුවා (Sharman Joshi) ඇතුළු සම්මාන රැසකට සහ සම්මාන සඳහා නාම නිර්දේශ 14කට සුදුසුකම් ලබනවා. ඊට අමතර ව 57 වන National Film Awards හි සම්මාන 3කට හා IIFA සම්මාන 17කට ඉන්දියාව තුළ දී පාත්ර වන "3 idiots" 2011 Beijing International Film Festival ඇතුළු අන්තර් ජාතික සිනමා රාත්රීන් වලදීත් සම්මාන හිමි කර ගන්නවා.
Nice article 👌👌👌
ReplyDeleteQuite appealing as well
ReplyDelete